රටවල් අතර නාවික සහයෝගීතාව සහ මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු යුද නෞකාවක් වන IOS සාගර් 15 වෙනිදා කොළඹ වරායට සේන්දු වී තිබේ.
මෙම නෞකාව අප්‍රේල් 02 වනදා ඉන්දියාවේ මුම්බායි නගරයෙන් මුහුදු මෙහෙයුමක් සඳහා ගමන් ආරම්භ කර ඇති අතර, එයට පෙර ඉන්දියානු නාවික පුහුණු මධ්‍යස්ථානවල බහුජාතික වරාය පුහුණුවක්ද පවත්වා ඇත.
එම පුහුණුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, මියන්මාරය, සිංගප්පූරුව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, තායිලන්තය, තිමෝර් ලෙස්ටේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරන නිලධාරීන් සහ නාවිකයන් එක්ව සිටියහ.
නාවික ආරංචි මාර්ග සඳහන් කළේ, මෙම සංචාරය කලාපීය සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් වන බවයි.




