ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන පස්වැනි සහ හයවැනි සමාලෝචන එළඹෙන මැයි 27 වැනිදා IMF විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාව විසින් පසුගිය කාලය තුළ අත්කරගෙන ඇති ආර්ථික ස්ථායීකරණය, මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය ආදායම් වර්ධනය ඇතුළු කරුණු පිළිබඳව සවිස්තරාත්මක ඇගයීමක් සිදු කිරීමට නියමිතය.
එමෙන්ම, IMF වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්ති සහ ප්‍රගතිය සම්බන්ධයෙන්ද විධායක මණ්ඩලයේ අවධානය යොමුවනු ඇතැයි සඳහන් වේ.
සමාලෝචන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වුවහොත්, ශ්‍රී ලංකාවට හිමි මීළඟ ණය වාරිකය නිදහස් කිරීම සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.




