අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් අනතුරුව අමෙරිකානු දූත පිරිස විශේෂ ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කර තිබෙනවා.
බීජිං නුවර පැවති ඉහළ පෙළේ සාකච්ඡා අවසන් කර ආපසු පිටත්වීමට පෙර, චීන පාර්ශ්වයෙන් ලැබුණු සියලු දෑ ගුවන්තොටුපළේදීම ඉවත් කර විනාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
තෑගි, සමරු දෑ, හැඳුනුම්පත්, ලාංඡන සහ සංචාරය සඳහා භාවිත කළ තාවකාලික දුරකථන පවා ගුවන් යානයට රැගෙන යාමට අවසර ලබාදී නොතිබූ බව සඳහන්.
අමෙරිකානු ආරක්ෂක අංශ සැක පළ කර ඇත්තේ, විද්‍යුත් උපකරණ හරහා තොරතුරු සොරකම් කිරීම හෝ පුද්ගල චලනයන් නිරීක්ෂණය කිරීමේ අවදානමක් පැවතිය හැකි බවයි.
එම හේතුවෙන් දූත පිරිස සිය පෞද්ගලික දුරකථන සහ උපකරණ චීනයට රැගෙන ගොස් නොතිබූ අතර, සංචාරය පුරාම භාවිත කර ඇත්තේ ඒ සඳහාම වෙන් කළ තාවකාලික සන්නිවේදන උපකරණ පමණක් බවද වාර්තා වනවා.




