ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 29කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 247ක් රැස් කළා.
එහිදී ෆින් ඇලන් ලකුණු 93ක් රැස් කළ අතර අන්ක්‍රිෂ් රගුවන්ශි නොදැවී ලකුණු 82ක් ලබාගත්තා.
ලකුණු 248ක ඉලක්කයක් හඹා ගිය ගුජරාට් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 218ක් පමණයි.
ගුජරාට් ඉනිම වෙනුවෙන් ශුබ්මන් ගිල් ලකුණු 85ක් රැස් කළා.




