WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ලෙබනනයේ රුධිර හිඟයක් – ජනතාවට විවෘත ඉල්ලීමක්

I
Ishanka Jayasuriya
April 9, 2026 · 1 min read
298 viewsf𝕏W
ලෙබනනයේ රුධිර හිඟයක් – ජනතාවට විවෘත ඉල්ලීමක්

ලෙබනනයේ රෝහල් සඳහා රුධිරය සපයන එකම ආයතනය වන ලෙබනන් රතු කුරුස සංවිධානය පවතින හදිසි තත්ත්වය හමුවේ ජනතාවට රුධිරය දන් දෙන ලෙස විවෘත ඉල්ලීමක් කර ඇත.
ඊයේ (08) ඊශ්‍රායලය විසින් එල්ල කළ දැවැන්ත ප්‍රහාර හේතුවෙන් සිය ගණනක් මියගොස් ඇති අතර, තුවාල ලැබූ රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී ගොස් තිබේ. එම හේතුවෙන් රුධිරය සඳහා දැඩි අවශ්‍යතාවයක් මතුව ඇති බව වාර්තා වේ.
ලෙබනන් රතු කුරුස සංවිධානයේ සභාපති ඇන්ටොයින් සොග්බි පවසා ඇත්තේ, ප්‍රහාරයෙන් සුළු වේලාවකින් පසු බොහෝ පිරිසක් රුධිරය ලබා දීමට ඉදිරිපත් වූ බවයි.
තවද, ඕනෑම අර්බුදයකදී ලෙබනන් ජනතාව එකමුතුව කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ජාතික අලුත් සහල් මංගල්‍යය ඇරඹෙයි
Next
ණය වාරික පිළිබද IMF නිවේදනයක්

More in World