WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිර කිරීම දැඩිවේ

I
Ishanka Jayasuriya
April 15, 2026 · 1 min read
267 viewsf𝕏W
 හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිර කිරීම දැඩිවේ

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හැරවීමට අමෙරිකානු නාවික හමුදාව සාර්ථක වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරානයේ චබහාර් වරායෙන් පිටත්වූ මෙම නෞකා රේඩියෝ සම්බන්ධතා මගින් ආපසු යාමට උපදෙස් ලබා දී ඇති අතර, එම සමඟ ඉරානයෙන් පිටත් වූ තවත් නෞකා හයකට ආසන්න සංඛ්‍යාවක්ද මේ වනවිට හරවා යවා ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නැවතත් ඩොලර් 100 සීමාව ඉක්මවා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පනවා ඇති නාවික අවහිර කිරීම ක්‍රියාත්මක කර දින දෙකක් ගතවී ඇති අතර, එමඟින් ලෝක තෙල් ප්‍රවාහය පාලනය කරමින් ඉරානයට පීඩනයක් එල්ල කිරීම අරමුණ වී තිබේ.
මෙම මෙහෙයුම සඳහා සෙබළුන් 10,000කට වැඩි පිරිසක්, යුද නැව් 12කට අධික සංඛ්‍යාවක් සහ ගුවන් යානා රැසක් යොදාගෙන ඇති බව අමෙරිකානු හමුදා පවසයි.
කෙසේ වෙතත්, ඉරානයට සම්බන්ධ නොවන නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ ලබා දී ඇති බවද වාර්
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අද සිට රාජ්‍ය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතයි
Next
ප්‍රබල අකුණු අවදානමක් පිළිබද ජනතාවට නිවේදනයක්

More in World