අද (15), හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන සාමාන්‍ය කාර්යාල කටයුතු සඳහා විවෘතව පවත්වාගෙන යන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් රාජ්‍ය සේවකයින්ට සඳුදා සහ ඊයේ (14) දින දෙකක් පමණක් නිවාඩු ලබා දී තිබුණි.
මේ අතර, ගම්බිම් වෙත ගොස් සිටින ජනතාවට නැවත පැමිණීම පහසු කිරීම සඳහා අද සිට අමතර බස් රථ සේවා යොදවීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් සියලු පළාත් ප්‍රවාහන අධිකාරීන්ට ලබා දී ඇති බව ධාවන අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළාය.
එසේම, අද සාමාන්‍ය කාර්යාල දිනයක් වන බැවින් දුම්රිය සේවාවද නියමිත පරිදි ක්‍රියාත්මක වන අතර, මගී අවශ්‍යතාවය අනුව අමතර දුම්රිය ගමන් වාර එක් කිරීමට ද සූදානම් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.




