සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් වෙත ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (15) දහවල් සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කනගරත්න මහතා සඳහන් කළේ, මෙම සේවා අද දහවල් සිට ආරම්භ වන බවත්, පසුගිය 09 වැනිදා සිට ඊයේ දක්වා කාලය තුළ ලංගමය රුපියල් මිලියන 600කට අධික ආදායමක් උපයා ඇති බවත්ය.
මේ අතර, ගම්බිම් වෙත ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
එසේම, අලුත් අවුරුදු සමය හේතුවෙන් අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය වන්නේ සියයට 30ක පමණ ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
මේ අතර, ගතවූ දින හතරක කාලය තුළ අධිවේගී මාර්ග භාවිතයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් 19 කෝටි 61 ලක්ෂ 19,425ක ආදායමක් ලබාගෙන තිබේ.




