WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ලෙබනනය – ඊශ්‍රායලය අතර දශක 30කට පසු සාකච්ඡා

I
Ishanka Jayasuriya
April 15, 2026 · 1 min read
256 viewsf𝕏W
ලෙබනනය – ඊශ්‍රායලය අතර දශක 30කට පසු සාකච්ඡා
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දශක තුනකට අධික කාලයකින් පසු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. එම සාකච්ඡා ඊයේ (14) වොෂින්ටන් ඩී.සී නුවරදී පැවැත්වී ඇත.
මෙම වටය සඳහා මැදිහත්වූ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කර ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ බලය අවසන් කිරීමට මෙය වැදගත් සහ ඓතිහාසික අවස්ථාවක් වන බවයි.
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර අවසන් වරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ඇත්තේ 1993 වසරේදී බවද සඳහන් වේ.
එසේම, අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයන්ට පසු ඊශ්‍රායලය හා ලෙබනනය අතර ගැටුම් උත්සන්න වී ඇති අතර, එම තත්ත්වය තුළ පුද්ගලයින් 2,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 6,500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රාජ්‍ය හිස තෙල් ගෑමේ මහෝත්සවයට ජනාධිපති එක්වේ..
Next
අලුත් අවුරුද්දෙන් පසු විශේෂ ප්‍රවාහන සේවා අද සිට

More in World