මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි ශ්‍රී නාථ දේවාල භූමියේ පැවැති රාජ්‍ය හිස තෙල් ගෑමේ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ව සිටියේය.
සිංහල අලුත් අවුරුදු නැකැත් සටහනට අනුව හිස තෙල් ගෑමේ සුබ මොහොත අද (15) පෙරවරු 6.55ට යෙදී තිබූ අතර, එම වේලාවට අනුව සම්ප්‍රදායික ආකාරයෙන් චාරිත්‍රය පැවැත්විය.
නැකැත් උපදෙස් වලට අනුව කොළ පැහැති වස්ත්‍ර භාවිතා කර නැගෙනහිර දිශාවට මුහුණලා හිසට කොහොඹ පත් සහ පයට කොලොන් පත් තබා, කොහොඹ යුෂ මිශ්‍ර නානු සහ තෙල් යොදා ස්නානය කිරීම සුදුසු බව ද සඳහන් කර ඇත.
මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්ට අයත් මහා නා හිමිවරුන්ගේ අනුග්‍රහයෙන් ආරම්භ වූ මෙම උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු රාජ්‍ය නායකයන් සහ දේශපාලන නියෝජිතයින් රැසක්ද සහභාගී වූහ.




