ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නැවතත් පහළ යාමක් වාර්තා වී ඇති අතර, බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100ට අඩු මට්ටමකට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා යළි ආරම්භ විය හැකි බවට පළ වූ තොරතුරු හේතුවෙන් මෙම මිල පහත වැටීම සිදුව ඇති බව පෙන්වා දෙයි.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.59ක් ලෙස සටහන් වී ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 90.43ක් දක්වා පහළ ගොස් ඇත.
එමෙන්ම, මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඩොලර් 100.80ක් දක්වා අඩු වී තිබේ.
මෙම මර්බන් බොරතෙල් වර්ගය ශ්‍රී ලංකාවට විශේෂ වැදගත්කමක් හිමිවන්නේ, පසුගිය කාලය තුළ එය වැඩි වශයෙන් ආනයනය කර තිබීම නිසාය. අබුඩාබි හි නිපදවන මෙම බොරතෙල් වර්ගය පිරිසිදු බවින් හා සල්ෆර් අඩු වීම හේතුවෙන් පිරිපහදුව සඳහා සුදුසු බවද සඳහන් වේ.




