ශ්‍රී ලංකාවේ රැකවරණය යටතේ සිටි ඉරාන නාවික හමුදාවට අයත් නාවිකයින් 240 දෙනෙකු ඊයෙ (14) ඔවුන්ගේ මව් රට වන ඉරානය වෙත පිටත් කර තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, මෙයින් 32 දෙනෙකු මෙරට ආසන්න මුහුදු ප්‍රදේශයේදී සිදුවූ අමෙරිකානු ප්‍රහාරයකින් හානියට පත් වූ “IRIS Dena” නෞකාවේ සිට බේරාගත් නාවිකයින් වන අතර, ඉතිරි 204 දෙනා “IRIS Bushehr” නෞකාවේ සිටි නාවිකයින් බවයි.
මෙම නාවිකයින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් විශේෂ ටර්කිෂ් ගුවන් යානයක් මඟින් ඉරානය වෙත පිටත් කර ඇති යැවු බව වාර්තා වේ.




