WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

හෝමුස් හරහා නෞකා ගමනාගමනයට ඉරානයෙන් නව යෝජනාවක්

I
Ishanka Jayasuriya
April 15, 2026 · 1 min read
316 viewsf𝕏W
 හෝමුස් හරහා නෞකා ගමනාගමනයට ඉරානයෙන් නව යෝජනාවක්

අමෙරිකාව සමඟ ඇතිවී ඇති ආතතික තත්ත්වය සමනය කරගැනීමේ උත්සාහයක කොටසක් ලෙස, හෝමුස් සමුද්‍ර සන්ධියේ ඕමානයට අයත් මුහුදු ප්‍රදේශය හරහා නෞකා නිදහසේ ගමන් කිරීමට අවසර ලබාදීම පිළිබඳව ඉරානය අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෙහෙරාන් පාලනය ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව අනුව, එම මුහුදු මාර්ගය භාවිතා කරන නෞකාවලට කිසිදු ආරක්ෂක තර්ජනයක් නොමැතිව ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
නව යුදමය ගැටුමක් ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණින් අමෙරිකාව සමඟ පැවැත්වෙන සාකච්ඡාවලදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත්, ටෙහෙරාන් ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
📰 කරන්දෙණිය සුද්දාගේ සොයුරා ඉන්දියාවේදි අත්අඩංගුවට
Next
ඇමෙරිකා–ඉරාන සටන් විරාමය දීර්ඝ කිරීමට සාකච්ඡා

More in World