WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

තලපති විජේ ශ්‍රී ලංකාවටද අවධානය දෙමින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

I
Ishanka Jayasuriya
April 17, 2026 · 1 min read
266 viewsf𝕏W
තලපති විජේ ශ්‍රී ලංකාවටද අවධානය දෙමින් මැතිවරණ    ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි
ඉන්දියාවේ ටී.වී.කේ. පක්ෂයේ නායකත්වය දරන ජනප්‍රිය සිනමා නළු තලපති විජේ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබේ.
ඉන්දිය මාධ්‍ය වාර්තා අනුව, ලබන 23 වනදා පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත.
මෙහිදී ඔහු, ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින්ට පුරවැසිභාවය ලබාදීම සඳහා මධ්‍යම රජයට බලපෑම් කිරීමට කටයුතු කරන බවද සඳහන් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහාද තමන් පෙනී සිටින බව ඔහු පෙන්වා දී ඇත.
තවද, කච්චතිව් දූපත ආශ්‍රිතව ඉන්දියානු ධීවරයින්ට නිදහසේ ධීවර කටයුතු කිරීමට ඇති අයිතිය යළි තහවුරු කිරීම තම අරමුණක් බවද ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රූපවාහිනී හිටපු ප්‍රධානීන් දෙදෙනා ඇප මත නිදහස්
Next
ඉන්දීය උප ජනාධිපති 19දා ශ්‍රී ලංකා සංචාරයක

More in World