ඉන්දියාවේ උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධ ක්‍රිෂ්ණන් මහතා ලබන අප්‍රේල් 19 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
අප්‍රේල් 19 සිට 20 දක්වා ක්‍රියාත්මක වන මෙම නිල සංචාරය, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන සන්ධිස්ථානයක් වනු ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සංචාරය අතරතුර උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එහිදී “දිට්වා” සුළි කුණාටුවෙන් පසු ක්‍රියාත්මක කරන පුනරුත්ථාපන වැඩසටහන් සහ දෙරට අතර සංවර්ධන සහයෝගීතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටද සැලසුම් කර ඇති බව වාර්තා වේ.




