ඉරානය විසින් සිදු කරන බව කියන බියගන්වා බලපෑම් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට පෙර, ඉරානය පිළිබඳ කෙටි අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දෙපාර්ශ්වය අතර දැනට “සාර්ථක මට්ටමේ” සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.
එමෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය උත්සාහ කරමින් සිටින බවත්, එවැනි තර්ජන අමෙරිකාවට එරෙහිව යොදා ගැනීමට ඉඩ නොදෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.




