ජනතාව ඊශ්‍රායලය පිළිබඳව කුමන අදහසක් දැක්වුවත්, එරට අමෙරිකාවේ වැදගත්ම සහ ශක්තිමත් සගයෙකු බව සනාථ කර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඔහු මේ අදහස් පළ කර ඇත්තේ සිය Truth Social වෙබ් අඩවියේ සටහනක් මගින්ය.
ඊශ්‍රායලය නිර්භීතත්වය, විශ්වාසය සහ බුද්ධිමත් බවෙන් යුත් රටක් බවද ට්‍රම්ප් අවධාරණය කරයි.
එමෙන්ම, අතීතයේ පැවති යුද්ධවලදී පෙන්වා ඇති හැකියාවන්ට වඩා, ඊශ්‍රායලය දැඩි ආකාරයෙන් සටන් කරන බවත් ජයග්‍රහණය කරන්නේ කෙසේදැයි හොඳින් දන්නා රටක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත




