WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඉන්දීය උප ජනපති සංචාරයක් සඳහා දිවයිනට

I
Ishanka Jayasuriya
April 19, 2026 · 1 min read
257 viewsf𝕏W
 ඉන්දීය උප ජනපති  සංචාරයක් සඳහා දිවයිනට
ඉන්දීය උප ජනාධිපතිවරයා අද (19) පෙරවරුවේ දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
හෙට දක්වා මෙරට රැඳී සිටින ඔහු, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවලදී, සුළි කුණාටු බලපෑම්වලට අදාළ පුනරුත්ථාපන කටයුතු සහ සංවර්ධන සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත. ඒ සමඟම, දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීමටද සැලසුම් කර ඇත.
ඉන්දීය උප ජනාධිපතිවරයා සමඟ එරට රජයේ උසස් නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක්ද මෙම සංචාරයට එක්වන බව සඳහන් වේ.
මේ අතර, මෙම නිල සංචාරය හේතුවෙන් අද සහ හෙට දිනයන්හි කටුනායක අධිවේගී මාර්ගය සහ කොළඹ නගරය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය දැනුම් දෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් සඳහා ගාස්තු
Next
ඊශ්‍රායලය අමෙරිකාවේ ශක්තිමත්ම සගයෙක් – ට්‍රම්ප්

More in Breaking News