ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරානය සමඟ ඇති ගැටුමකට ඇද දැමූ බව හිටපු අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් ප්‍රකාශ කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මුදල් රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කර ඇත.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනතාවට අදාළ නොවන යුද්ධයකට අමෙරිකානු හමුදාව ඇද දැමූ බවටද ඇය චෝදනා කළාය.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබුණේ, ජනතාව ඊශ්‍රායලය පිළිබඳව කැමැත්තක් දැක්වුවත් නැතත් එරට අමෙරිකාවේ ප්‍රබල සගයෙකු බවට පත්ව ඇති බවයි.




