ටයිටැනික් නෞකාවෙන් දිවි ගලවාගත් පුද්ගලයෙකු විසින් භාවිතා කළ ජීවිතාරක්ෂක කබායක් වාර්තාගත මුදලකට වෙන්දේසියකදී අලෙවි වී තිබේ.
මෙම ජීවිතාරක්ෂක කබාය බ්‍රිතාන්‍ය පවුම් 670,000ක්, එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 28කට අධික මුදලකට අලෙවි වී ඇති බව වාර්තා වේ.
වසර 114කට පෙර සිදුවූ ටයිටැනික් ඛේදවාචකයෙන් දිවි ගලවාගත් ලෝරා මේබල් ෆ්‍රැන්කැටෙලි නම් පළමු පන්තියේ මගියෙකු විසින් මෙම කබාය භාවිතා කර ඇති බව සඳහන් වේ.
සාක්කු 12කින්, උරහිස් ආධාරක සහ පැති පටි වලින් සමන්විත මෙම ජීවිතාරක්ෂක කබාය මත ඇය සහ අනෙකුත් දිවි ගලවාගත් මගීන්ගේ අත්සන්ද සටහන් කර තිබූ බව වාර්තා වේ.
වෙන්දේසියෙන් එය පවුම් 250,000ත් 350,000ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කළද, බලාපොරොත්තු ඉක්මවා යමින් ඉතා ඉහළ මිලකට විකුණා තිබේ.
1912 වසරේදී උතුරු අත්ලාන්තික් සාගරයේදී අයිස් කන්දක ගැටීම හේතුවෙන් ටයිටැනික් නෞකාව මුහුදේ ගිලී ගිය අතර එය ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම නාවික ඛේදවාචකයක් ලෙස සැලකේ.




