WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අධිවේගී මාර්ග මුදාගැනීමේ මෙහෙයුම් ගුවන් හමුදාවට භාරදෙයි

I
Ishanka Jayasuriya
April 19, 2026 · 1 min read
238 viewsf𝕏W
 අධිවේගී මාර්ග මුදාගැනීමේ මෙහෙයුම් ගුවන් හමුදාවට භාරදෙයි
අධිවේගී මාර්ගවල සිදුවන මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් අනුයුක්ත කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා සඳහන් කළේ, පසුගිය අප්‍රේල් 17 වැනිදා සිට මෙම මෙහෙයුම් කටයුතු ගුවන් හමුදාවට භාරදී ඇති බවයි.
මීට පෙර මෙම මෙහෙයුම් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කර තිබුණි.
නව වැඩපිළිවෙළ යටතේ කටුනායක සිට කොට්ටාව දක්වාත්, කොට්ටාව සිට මත්තල දක්වාත් මුදාගැනීමේ මෙහෙයුම් ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන අතර, මීරිගම අධිවේගී මාර්ග කොටසේ මෙහෙයුම් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ක්‍රියාත්මක කරනු ඇත.
ගැලනිගම, සීදූව, කුරුදුගහහැතැක්ම, පින්නදූව සහ සූරියවැව යන ස්ථානවල මෙම මෙහෙයුම් සඳහා ගුවන් හමුදා නිලධාරීන් ස්ථානගත කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ටයිටැනික් ජීවිතාරක්ෂක කබායක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි
Next
ෂාපූර් සද්‍රාන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළයි

More in Breaking News