WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

ෂාපූර් සද්‍රාන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළයි

I
Ishanka Jayasuriya
April 19, 2026 · 1 min read
248 viewsf𝕏W
ෂාපූර් සද්‍රාන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළයි
දරුණු රෝගී තත්ත්වයකින් පීඩා විඳින ඇෆ්ගනිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක  ෂාපූර් සාන්ද්‍රාගෙ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට අතිශයින් බරපතළ මට්ටමකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියාවේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහුගේ සුදු රුධිරාණු ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් ඔහුට සැත්කමක් සිදුකර ඇති අතර, එම සැත්කමෙන් අනතුරුව කොඳු ඇට පෙළට සම්බන්ධ සංකූලතා ඇති වී ඇති බව වෛද්‍ය වාර්තා සඳහන් කරයි.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අවදානම් බවත්, නිරන්තර වෛද්‍ය නිරීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබාදෙන බවත් දැනුම් දී ඇත.
මෙම තත්ත්වය හමුවේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය ඔහු වෙනුවෙන් මූල්‍යමය සහාය ලබාදී ඇති අතර, පාකිස්තාන ක්‍රීඩකයන් කිහිපදෙනෙකුද ඔහුට සහය පළ කර තිබේ.
හිටපු පාකිස්තාන ක්‍රීඩකයන් වන සහිඩ් අෆ්‍රිඩි සහ උමර් අක්මල්  ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කනගාටුව පළ කර ඇත.
38 හැවිරිදි වියේ පසුවන සද්‍රාන්, ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 80කට ක්‍රීඩා කර කඩුලු 80ක් බිඳහෙළා ඇති අතර, දශකයකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සක්‍රීයව සිටි ඔහු 2025 ජනවාරි මාසයේදී විශ්‍රාම ගත්තේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අධිවේගී මාර්ග මුදාගැනීමේ මෙහෙයුම් ගුවන් හමුදාවට භාරදෙයි
Next
හැඳුනුම්පත් එක්දින සේවාව හෙට සිට යළි ආරම්භයි

More in Sports