තාවකාලිකව නවතා තිබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්, හෙට (20) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එහිදී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාවද නැවත ආරම්භ වන බව සඳහන් වේ.
පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් පසුගිය 17 වැනිදා සිට මෙම සේවාවන් තාවකාලිකව නවතා තිබුණි.
ඒ අනුව, පද්ධති දෝෂය නිවැරදි කිරීමෙන් අනතුරුව මහජන සේවාවන් සාමාන්‍ය පරිදි යළි ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.




