61 වන වරට පැවැත්වුණු ෆෙමිනා මිස් ඉන්ඩියා වර්ල්ඩ් 2026 තරගයේදී ඉන්දියාවේ නව රූ රැජිණ ලෙස කිරුළ පැළඳීමට සාධ්වී සතිෂ් සේල් සමත් වූවාය.
ගෝව ප්‍රාන්තය නියෝජනය කරමින් තරඟ වැදුණු ඇය, ඊයේ (18) පැවැති අවසන් මහා තරගයේදී මෙම ජයග්‍රහණය හිමි කරගෙන තිබේ.
නිරූපිකාවක් මෙන්ම සමාජ සේවිකාවක් ලෙසද ක්‍රියාකරන ඇය, දරුවන්ගේ සුභසාධනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ අරමුදල් රැස් කිරීම ඇතුළු සමාජ සේවා කටයුතුවල නිරන්තරයෙන් සම්බන්ධව සිටින බව සඳහන් වේ.
ඇයගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් හරහා පෞද්ගලික හා වෘත්තීය ජීවිතයේ විවිධ පැතිකඩ පෙන්වමින්, විශේෂයෙන්ම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ ශ්‍රවණ හා කථන අපහසුතා ඇති දරුවන්ට සහාය වීමට කැපවී කටයුතු කරන කාන්තාවක් ලෙස ඉන්දියාවේ ප්‍රසිද්ධියට පත්ව ඇත.




