දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (18) දිනයේදී සැකපිට පුද්ගලයන් 495 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
මෙම මෙහෙයුම් අතරතුර පුද්ගලයන් 26,560ක් පමණ පරීක්ෂාවට ලක් කර ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් 19 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම විවෘත වරෙන්තු යටතේ සිටි පුද්ගලයන් 102 දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.




