WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉරානය සමග නව සාකච්ඡා සඳහා අමෙරිකා නියෝජිතයින් පාකිස්තානයට

I
Ishanka Jayasuriya
April 20, 2026 · 1 min read
289 viewsf𝕏W
 ඉරානය සමග නව සාකච්ඡා සඳහා අමෙරිකා නියෝජිතයින් පාකිස්තානයට
ඉරානය සමග නව සාකච්ඡා වටයක් පැවැත්වීම සඳහා එක්සත් ජනපද නියෝජිතයින් අද පාකිස්තානයට පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම සාකච්ඡා වටයට නායකත්වය ලබාදීමට එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මහතා නියමිත අතර, මින් පෙර පැවති පළමු සාකච්ඡාවද ඔහුගේ නායකත්වයෙන් සිදු කර තිබුණි.
එමෙන්ම ට්‍රම්ප්ගේ උපදේශකයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් ද මෙම දූත පිරිසට එක්වන අතර, ඔවුන් ද පෙර සාකච්ඡාවට සහභාගී වූ අය වෙති.
මෙම සාකච්ඡා සඳහා නියෝජිතයින් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයට ගමන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත. එක්සත් ජනපදය විසින් ඉරානයට සාධාරණ යෝජනාවක් ඉදිරිපත් කරන බවත් එය ඔවුන් පිළිගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පවසා ඇත.
කෙසේ වෙතත් එම යෝජනාව ප්‍රතික්ෂේප කළහොත් දැඩි පියවර ගන්නා බවටද ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර ඇත.
නමුත් මේ වනතෙක් ඉරානය මෙම නව සාකච්ඡාවට සහභාගී වන බවට නිල තහවුරු කිරීමක් නොමැත. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු සම්බාධක පවතින තත්වයේදී එම සාකච්ඡාවට එක් නොවීමට ඉරානය තීරණය කර ඇති බවයි.
මින් පෙර පැවති පළමු සාකච්ඡාව පැය 21කට ආසන්න කාලයක් පැවැති අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් එකඟතාවක් නොලැබීම හේතුවෙන් දෙරට අතර ගිවිසුමක් සම්මත කර ගැනීමට නොහැකි වී තිබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කමල් අමරසිංහ ඇපමත මුදාහැරේ
Next
හිටපු අමාත්‍ය පියසේන ගමගේ ඇප මත මුදාහැරේ

More in World