දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය ලබාදී ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ, 2015 වසරේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, නියමිත ක්‍රියා පටිපාටිවලට අනුකූල නොව ගාල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 134 දෙනෙකු කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇති බවයි. එම බඳවාගැනීම් දේශපාලන හිතවාදීන්ට වාසි වන ආකාරයෙන් සිදුකර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.
තවද, යාපනය තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂ එන්. යෝගරාජා මහතාට විනය හේතු මත ලබාදී තිබූ ස්ථාන මාරුව අවලංගු කිරීමට සැකකාර හිටපු අමාත්‍යවරයා බලපෑම් කර ඇති බවද අනාවරණය වී ඇත.
මෙම ක්‍රියා හරහා බලය අයුතු ලෙස භාවිතා කර “දූෂණය” සිදුකර ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දී තිබේ.
අධිකරණය විසින් සැකකරු රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇති අතර, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් අවවාද කර ඇත.
මෙම නඩුව අගෝස්තු 21 වනදා යළි කැඳවීමට නියම කර ඇති අතර, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කර ඇ




