ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්ව සහභාගී වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬක් හේතුවෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම සිදුවීම වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැත්වෙමින් තිබූ සංග්‍රහය අතරතුර සිදුව ඇත.
දැඩි ආරක්ෂාව යටතේ ජනාධිපතිවරයා එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ වෙඩි තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.
තවද, සංගමයේ නිලධාරියෙකු පවසා ඇත්තේ, තුවක්කුවක් රැගෙන පුද්ගලයෙකු ආරක්ෂිත පරීක්ෂණ උපකරණ හරහා යාමට උත්සාහ කළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.




