WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

යුරෝපා වාහනවලට ට්‍රම්ප්ගෙන් 25% තීරු බද්දක්

I
Ishanka Jayasuriya
May 1, 2026 · 1 min read
253 viewsf𝕏W
යුරෝපා වාහනවලට ට්‍රම්ප්ගෙන් 25% තීරු බද්දක්
සිය වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සම්පූර්ණ එකඟතාවයක් නොමැති වීම හේතුවෙන්, එළඹෙන සතියේ සිට යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන වාහන සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ එම බද්ද මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා අදාළ වන බවය.
කෙසේවෙතත්, එම වාහන අමෙරිකාවේ කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන්නේ නම් කිසිදු තීරු බද්දක් අය නොකරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
දැනට බොහෝ මෝටර් රථ සහ ට්‍රක් රථ කම්හල් ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතර, ඒ සඳහා ඩොලර් බිලියන 100කට වැඩි ආයෝජන ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙය මෝටර් රථ හා ට්‍රක් රථ නිෂ්පාදන ඉතිහාසයේ වාර්තාගත පියවරක් බවත්, අමෙරිකානු සේවකයින්ට රැකියා අවස්ථා රැසක් හිමිවනු ඇති බවත් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය සියදිවි නසාගැනීමක් බව තහවුරුයි
Next
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි තැනට

More in World