WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

Artemis II මෙහෙයුමෙන් සඳෙහි අඳුරු පැත්තෙන් ලෝකයට ප්‍රථම ඡායාරූපයක්

I
Ishanka Jayasuriya
April 7, 2026 · 1 min read
250 viewsf𝕏W
Artemis II මෙහෙයුමෙන් සඳෙහි අඳුරු පැත්තෙන් ලෝකයට ප්‍රථම ඡායාරූපයක්
Artemis II මෙහෙයුමේ නියැලී සිටින ගගනගාමීන් විසින් සඳෙහි පෘථිවියට නොපෙනෙන වඩා දුරින් පිහිටි ප්‍රදේශයෙන් ලබාගත් ප්‍රථම ඡායාරූපයක් ධවල මන්දිරය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
එම ඡායාරූපය Orion spacecraft යානයෙන් ගන්නා ලද්දක් වන අතර, සඳෙහි ක්ෂිතිජයෙන් ඔබ්බට පෘථිවිය බැස යන අයුරු ද ඒ තුළ පැහැදිලිව දක්නට ලැබේ. මෙම දර්ශනය X සමාජ ජාලය ඔස්සේ “සඳෙහි වඩා දුරින් පිහිටි ප්‍රදේශයෙන් ගත් ප්‍රථම ඡායාරූපය” ලෙස හඳුන්වා දී ඇත.
නාසා ආයතනයට අනුව, මෙම මෙහෙයුමේ ගගනගාමීන් මිනිසෙකු පෙර ගමන් නොකළ තරම් දුරක් අභ්‍යවකාශයේ ගමන් කරමින් නව ඉතිහාසයක් ලියමින් සිටිති. ඔවුන් මේ වන විට නැවත පෘථිවිය වෙත පැමිණෙමින් සිටින බවද සඳහන් වේ.
NASA පවසන පරිදි, පසුගිය සඳුදා Orion spacecraft යානය පෘථිවියේ සිට සැතපුම් 252,756ක් (කිලෝමීටර් 406,771ක්) දුරින් පියාසර කරමින් නව වාර්තාවක්ද පිහිටුවා ඇත.
මෙම ගමන අතරතුර ගගනගාමීන් සඳට අතිශයින් සමීප වූ අතර, ඔවුන්ට සඳ දිස්ව ඇත්තේ අතේ තබාගත් පැසිපන්දුවක ප්‍රමාණයට සමාන ලෙස බවද නාසා ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
තවද, සඳ වටා ගමන් කිරීමේදී පෘථිවියට කිසිදා නොපෙනෙන සඳෙහි පැත්ත සියැසින් දැකගත් ප්‍රථම මිනිසුන් කණ්ඩායම ලෙසද මෙම ගගනගාමීන් ඉතිහාසයට එක්වී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉරානය සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි
Next
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයෙන් පසු ජනතා අයිතියට

More in World