ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කර තිබේ.
පර්යන්ත දෙකකින් සමන්විත මෙම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු රුපියල් මිලියන 424ක පිරිවැයකින් සිදු කර ඇති අතර, නව පහසුකම් රැසක් එක් කර ඇත.
එහි බිම් මහළ බස් නැවතුම් අංගනය ලෙස සංවිධානය කර ඇති අතර, දෙවන මහළ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා විවේකාගාර ලෙස සකස් කර ඇත. එසේම, තුන්වන මහළ පරිපාලන හා මෙහෙයුම් සේවා සඳහා යොදා ගැනීමට පහසුකම් සලසා තිබේ.
මෙම නවීකරණය මගින් දිනපතා මෙම ස්ථානය භාවිතා කරන මහජනතාවට වැඩි පහසුවක් සහ සුරක්ෂිතතාවයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.




