WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වැල්ලවාය–මොනරාගල මාර්ගයේ ලොරි අනතුරක් – දෙදෙනෙකුට තුවාල

I
Ishanka Jayasuriya
April 8, 2026 · 1 min read
267 viewsf𝕏W
වැල්ලවාය–මොනරාගල මාර්ගයේ ලොරි අනතුරක් – දෙදෙනෙකුට තුවාල
වැල්ලවාය–මොනරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබේ.
මාළු ප්‍රවාහනය කරමින් ගමන් කරමින් සිටි ලොරි රථයකට තවත් ලොරි රථයක් ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.
අනතුරින් මාලු රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූවන් අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත්, අනතුර සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවකද සටහන් වී ඇති බවත් සඳහන් වෙයි.
මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය යටතේ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරමින් පවතී.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයෙන් පසු ජනතා අයිතියට
Next
කුවේට්හි රාත්‍රී කර්ෆියු නියෝගයක් – ජනතාවට නිවෙස් තුළ රැඳී සිටීමට උපදෙස්

More in Breaking News