දැනට උද්ගතව ඇති යුධමය වාතාවරණය හමුවේ කුවේට් රජය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, පූර්ව ආරක්ෂක පියවරක් ලෙස අලුයම 12.00 සිට අලුයම 6.00 දක්වා නිවෙස් තුළ රැඳී සිටින ලෙස කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් සිය පුරවැසියන්ට සහ එහි පදිංචිකරුවන්ට දැනුම් දී ඇත.
වර්තමාන ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති අතර, ජනතාවගේ ආරක්ෂාව සඳහා රජය විසින් ලබාදෙන උපදෙස් පිළිපැදීම වැදගත් බවද අවධාරණය කර තිබේ.




