WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

NDB බැංකුවේ බිලියන 13කට අධික වංචා චෝදනා – මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

I
Ishanka Jayasuriya
April 8, 2026 · 1 min read
293 viewsf𝕏W
NDB බැංකුවේ බිලියන 13කට අධික වංචා චෝදනා – මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් වන National Development Bank PLC (NDB) තුළ සිදුවූ බව කියන රුපියල් බිලියන 13කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අවධානයක් යොමු වී තිබේ.
Central Bank of Sri Lanka සඳුදා (අප්‍රේල් 6) නිකුත් කළ නිවේදනයක් අනුව, NDB බැංකුව තුළ අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති අතර, ඒ හේතුවෙන් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදු විය හැකි බවට එම බැංකුව මහ බැංකුවට දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය හේතුවෙන් කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුම් හෝ තැන්පතු වලට බලපෑමක් සිදු වී නොමැති බව NDB බැංකුව විසින් දැනුම් දී ඇති බව මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.
එමෙන්ම, NDB බැංකුවද සමාජ මාධ්‍ය ඔස්සේ සිය ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දී තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කුවේට්හි රාත්‍රී කර්ෆියු නියෝගයක් – ජනතාවට නිවෙස් තුළ රැඳී සිටීමට උපදෙස්
Next
අධ්‍යාපන සභාව පිහිටුවීමට මහජන අදහස් කැඳවයි

More in Breaking News