WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අධ්‍යාපන සභාව පිහිටුවීමට මහජන අදහස් කැඳවයි

I
Ishanka Jayasuriya
April 8, 2026 · 1 min read
277 viewsf𝕏W
අධ්‍යාපන සභාව පිහිටුවීමට මහජන අදහස් කැඳවයි
ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිය ඉහළ නැංවීමේ අරමුණින් අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා සකස් කළ කමිටු වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර තිබේ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරියගේ නිර්දේශ මත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
යෝජිත අධ්‍යාපන සභාව මගින් නීති සැකසීම, තත්ත්ව සහතික කිරීම, වැඩසටහන් හා ආයතන ප්‍රතීතනය කිරීම සහ අධ්‍යාපන වෘත්තිකයන් සහතික කිරීම වැනි ක්ෂේත්‍ර හතරක් ආවරණය කිරීමට අපේක්ෂා කරයි.
මෙම කමිටු වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇති අතර, එය ක්‍රියාත්මක කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම මේ වන විට සිදු කෙරේ.
අදහස් තැපෑල, විද්‍යුත් තැපෑල ([email protected]) හෝ ෆැක්ස් (0112784819) මගින් යොමු කළ හැකි බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
NDB බැංකුවේ බිලියන 13කට අධික වංචා චෝදනා – මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
Next
NDB බැංකු වංචාවට සම්බන්ධ කිහිප දෙනෙක් අත්අඩංගුවට

More in Breaking News