WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

තලේබාන් පාලනය නව නීතියක් හඳුන්වා දෙයි

I
Ishanka Jayasuriya
May 17, 2026 · 1 min read
209 viewsf𝕏W
තලේබාන් පාලනය නව නීතියක් හඳුන්වා දෙයි
ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් ළමා විවාහ, දික්කසාද සහ පවුල් සබඳතා පිළිබඳ නව නීති රෙගුලාසි හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම නව නීති අනුව, වැඩිවියට පත් වූ දැරියක විවාහය පිළිබඳව ප්‍රශ්න කරන අවස්ථාවක ඇය නිහඬව සිටියහොත්, එය ඇගේ “කැමැත්ත” ලෙස සලකා විවාහය සිදු කිරීමට ඉඩ සැලසෙන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, පිරිමි ළමයෙකු හෝ කලින් විවාහ වූ කාන්තාවක නිහඬව සිටියහොත් එය කැමැත්තක් ලෙස නොසලකන බවද වාර්තා වේ.
මෙම නීති යටතේ පියෙකුට හෝ සීයා කෙනෙකුට පවුලේ බාලවයස්කාර දරුවන්ගේ විවාහ තීරණ ගැනීමට වැඩි බලයක් හිමි වන බවද සඳහන් කර ඇත.
ළමා කාලයේ සිදුකළ විවාහයක් පසුව අවලංගු කිරීමට ඉල්ලීමක් කළ හැකි නමුත්, ඒ සඳහා තලේබාන් උසාවි අනුමැතිය අනිවාර්ය බවද වාර්තා කරයි.
මේ අතර දේශපාලන විචාරකයින් පවසන්නේ නිහඬතාවය කැමැත්තක් ලෙස සැලකීමෙන් ළමා හා කාන්තා අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය විය හැකි බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
CASA 7s ශූරතාවලියේදී ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකම ශූරතා දිනාගනී
Next
කතරගම–කිරිවෙහෙරට ඩිජිටල් පිං කැටයක්

More in World