ශ්‍රී ලංකා මහ බැංකුවේ Digital Road Map වැඩසටහන යටතේ රුහුණු කතරගම මහා දේවාලය සහ කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත බැතිමතුන්ට ඩිජිටල් ආධාර පද්ධතියක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව Bank of Ceylon හි BOC Flex ඇප් භාවිතා කරමින් QR කේතය ස්කෑන් කිරීමෙන් ආධාර පිරිනැමීමට බැතිමතුන්ට හැකියාව ලබාදී ඇත.
මෙම ඩිජිටල් පිං කැටය මගින් පරිත්‍යාග ක්‍රියාවලිය පහසු කිරීමත්, මුදල් පරිහරණය වඩාත් විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සිදු කිරීමත් අරමුණ බව සඳහන් වේ.
මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා පැවැති උත්සවයට කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද නාහිමියන් වහන්සේ ඇතුළු පිරිසක් සහ බැංකු නිලධාරීන්ද සහභාගී වී තිබේ.




