රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ලබන 19 වනදා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (16) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
එම සංචාරය චීන ජනාධිපතිවරයාගේ ඇරයුමකට අනුව සිදු වන බවද එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.
මේ අතර, පසුගිය දින කිහිපයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද චීනයේ සංචාරයක නිරත වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.




