එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි Barakah න්‍යෂ්ටික බලාගාරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමෙන් ගින්නක් හටගෙන ඇති බව අබුඩාබි බලධාරීහු ප්‍රකාශ කරති.
අබුඩාබි මාධ්‍ය කාර්යාලය සඳහන් කරන්නේ, එම ඩ්‍රෝන යානය බලාගාරයේ ආරක්ෂිත කලාපයෙන් පිටත පිහිටි විදුලි ජනක යන්ත්‍රයක ගැටී ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් බලාගාරයේ මෙහෙයුම් කටයුතු හෝ විකිරණ ආරක්ෂණ මට්ටම්වලට කිසිදු බලපෑමක් සිදුව නොමැති අතර, කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද බලධාරීහු තහවුරු කර ඇත.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) පවසන්නේ, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් විසින් භාරගෙන නොමැති අතර, කලාපීය ආතතීන් හමුවේ මෙවැනි සිදුවීම් ඉහළ යාම පිළිබඳවද අවධානය යොමුව ඇත.




