ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය සම්බන්ධීකරණ සංසදයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වී තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සංසදය පැවැත්වුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
මෙවර සංසදයේ ප්‍රධාන තේමාව වූයේ “පොදුරාජ්‍ය මණ්ඩලය පුරා පිළිකා මර්දනයේ අනාගත හැඩගැස්වීම” යන්නයි.
ලැන්සෙට් ඔන්කොලොජි වාර්තාවේ නිර්දේශ මත පදනම්ව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පිළිකා පාලනය සඳහා ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණ ලෙස සඳහන් වේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම හමුවේ මුලසුන ගයනා රාජ්‍යයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය H.E. ලෙස්ලි රාමසාමි මහතා විසින් හෙබවා තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්වූ බව සඳහන් වේ.




