ඉරානයේ ප්‍රධාන නගර කිහිපයක පල්ලි කේන්ද්‍ර කරගනිමින් පිරිමි සහ කාන්තා පාර්ශවය සඳහා සැහැල්ලු අවි ආයුධ භාවිතය පිළිබඳ ආරක්ෂක පුහුණු වැඩසටහන් පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පුහුණු සැසි ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින්ද විකාශය කර ඇති අතර, “රට ආරක්ෂා කිරීම සඳහා මහජන සූදානම” ඉහළ නැංවීම අරමුණ බව එහිදී සඳහන් කර තිබේ.
කලාපීය වශයෙන් පවතින යුදමය නොසන්සුන්තාව සහ ආරක්ෂක අවදානම් හමුවේ සිවිල් වැසියන් මෙලෙස ආරක්ෂක පුහුණුවට යොමු කිරීම රජය විසින් ගත් පියවරක් බවද වාර්තා වේ.




