අමෙරිකාවේ බුද්ධි අංශ ප්‍රධානී ධුරය දරා සිටි තුල්සි ගබ්බාර්ඩ් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඇය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දන්වා ඇත්තේ සිය සැමියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් තුල්සි සඳහන් කර ඇත්තේ, වසර 11ක විවාහ ජීවිතය තුළ තම සැමියා වූ ඒබ්‍රහම් තමන්ට විශාල ශක්තියක් වූ බවත්, වත්මන් තනතුරේ වගකීම් ඉටු කිරීම සඳහා ඔහු ලබාදුන් සහය අපමණ වූ බවත්ය.
දුර්ලභ ගණයේ පිළිකාවකින් සැමියා පීඩා විඳින බව හඳුනා ගැනීමෙන් පසු, මේ අභියෝගාත්මක අවස්ථාවේ ඔහු සමඟ සිටීම තම වගකීම බව ද ඇය අවධාරණය කර තිබේ.
ඒ අනුව ජූනි 30 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිය ඉල්ලා අස්වීම පිළිගන්නා ලෙස තුල්සි ඉල්ලීමක් කර ඇත.




