පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්ලැල්ල ග්‍රාම නිලධාරී වසමේ උදාකලගම ප්‍රදේශයේ නායයෑමක් යළි සක්‍රීය වී ඇති බව වාර්තා වෙයි.
එම තත්ත්වය හේතුවෙන් අවදානමට ලක්වූ පවුල් 12ක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කළ බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මෙම නායයෑම් අවදානම මුල්වරට 2025 වර්ෂයේදී හඳුනාගෙන ඇති අතර, පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූවිද්‍යාඥයින් සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව එම ප්‍රදේශය අධි අවදානම් නායයෑම් කලාපයක් ලෙස නම් කර තිබේ.
ඒ අනුව ඊයේ (22) උදෑසන 6.30ට පමණ නායයෑම නැවත සක්‍රීය වූ බව ද වාර්තා වෙයි.




