උතුරු චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ ගෑස් පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර ෂැන්සි ප්‍රදේශයේ පිහිටි ගල්අඟුරු පතලක ඊයේ රාත්‍රී සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවන අවස්ථාවේදී එම පතල තුළ සේවකයින් 247 දෙනෙකු සේවයේ නිරතව සිට ඇති බව සඳහන් වේ.
පිපිරීමෙන් අනතුරුව ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර, තුවාල ලැබූ පිරිසට ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව ද වාර්තා වෙයි.




