WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
HealthBreaking

මොළේ උණ රෝගීන් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙයි

I
Ishanka Jayasuriya
May 23, 2026 · 1 min read
224 viewsf𝕏W
මොළේ උණ රෝගීන් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙයි
දෙනියාය ප්‍රදේශයේ පාසල් කිහිපයකින් වාර්තා වූ මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝග තත්ත්වය මේ වන විට තවත් ප්‍රදේශ කිහිපයකින් ද වාර්තා වී ඇති බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත  කරුණාපේම පවසයි.
ඒ අනුව දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28 දෙනෙකු, වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13 දෙනෙකු සහ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් රෝගීන් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදී සංවිධානය කෙරෙන වෙසක් දන්සල් හේතුවෙන් රෝගය තවදුරටත් පැතිරයාමේ අවදානමක් පවතින බවයි.
එබැවින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ජනතාව කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
චීන ගල්අඟුරු පතලේ මාරක පිපිරීමක්
Next
විදෙස්ගත අපරාධකරුවන් 226කට රතු නිවේදන

More in Health