WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හම්බන්තොට බස් අනතුරක් – 10කට තුවාල

I
Ishanka Jayasuriya
April 9, 2026 · 1 min read
280 viewsf𝕏W
හම්බන්තොට බස් අනතුරක් – 10කට තුවාල

හම්බන්තොට වරාය නගරය ඉදිරිපිට අද (09) අලුයම 1.30ට පමණ ලංගම බස් රථයක් බැකෝ යන්ත්‍රයක හැපීමෙන් අනතුරක් සිදුව ඇත.
හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස් රථයේ ගමන් කළ පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය සඳහන් කරයි.
බස් රථය මාර්ගයේ ධාවනය වන අතරතුර බැකෝ යන්ත්‍රය වරාය දෙසට මාර්ගය හරහා ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරමින් පවතී.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අලුත් අවුරුද්දට පොලිසියට තෑගි හා මුදල් තහනම්
Next
ජාතික අලුත් සහල් මංගල්‍යය ඇරඹෙයි

More in Breaking News