WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking News

අලුත් අවුරුද්දට පොලිසියට තෑගි හා මුදල් තහනම්

I
Ishanka Jayasuriya
April 9, 2026 · 1 min read
286 viewsf𝕏W
 අලුත් අවුරුද්දට පොලිසියට තෑගි හා මුදල් තහනම්
🗞️ නිව්ස් එක:
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් තුටුපඬුරු ලබාගැනීම හා අලුත් අවුරුදු සංග්‍රහ සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් සියලුම පොලිස් නිලධාරීන් වෙත පොලිස්පතිවරයා විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
බොහෝ පොලිස් ස්ථානවල අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු සඳහා නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීම හා ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් සාද පැවැත්වීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරු මත මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව, ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට පිරිනමන හැම්පර්, තෑගි වවුචර් ආදී දෑ ලබාදීම හෝ භාරගැනීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත. එමෙන්ම බාහිර පාර්ශ්වයන්ගේ සහාය මත පොලිස් ස්ථානවල අලුත් අවුරුදු උත්සව පැවැත්වීමද අවසර නොදෙන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් සඳහා අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් එක් නිලධාරියෙකුට රුපියල් 250ක මුදලක් පොලිස් ත්‍යාග අරමුදලෙන් ලබාදීමට අනුමැතිය ලබාදී ඇත.
මෙම උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරන නිලධාරීන්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද උපදෙස් ලබාදී ඇත.
මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති අතර, ඒවා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ සිදුකර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හෝමූස් සමුද්‍ර සන්ධියට චීන–රුසියා නව යෝජනාවක්
Next
හම්බන්තොට බස් අනතුරක් – 10කට තුවාල

More in Breaking News