2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් භාවිත කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, නීතිපති උපදෙස් මත පොදු දේපොළ පනත යටතේ අදාළ පිරිස සැකකරුවන් ලෙස නම් කරන බව අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවයි.
මෙහිදී හිටපු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ සභාපති භාෂ්වර ගුණරත්න, එහි කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් ඇතුළු පිරිසක් ද අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති බව සඳහන්.




