WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

I
Ishanka Jayasuriya
May 29, 2026 · 1 min read
194 viewsf𝕏W
වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා
වෙසක් පුන් පොහොය නිමිත්තෙන් හෙට (30) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව  පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනුරාධපුරය වෙත ගමන් කරන බැතිමතුන්ගේ මෙන්ම මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජ මහා විහාරයේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගී වන ජනතාවගේ ගමන් පහසුව සඳහා මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව හෙට (30) සිට ලබන 31 වනදා දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව ජුලි 7දා විභාගයට
Next
රඹුක්කන - ගලගෙදර අධිවේගී මාර්ග වැඩ ඇරඹෙයි

More in Breaking News