පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එම නියෝගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.




